― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාසල් සිසුන් දෙදෙනෙක් දොස්තරට තර්ජනය කර මුදල් පැහැර ගනී

පාසල් සිසුන් දෙදෙනෙක් දොස්තරට තර්ජනය කර මුදල් පැහැර ගනී

නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔහුගේ ගිනුමෙන් රුපියල් 750,000 ක මුදලක් සහ පසුම්බියේ තිබූ රුපියල් 25,000ක මුදලක් පැහැරගත්තේ යැයි කියන අවුරුදු පාසල් සිසුන් දෙදෙනකු සහ තරුණයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට කථා කළ අයකු මොරටුව සොයිසා පුර මහල් නිවසේ හදිසි රෝගියකු සිටින බවට දැනුම්දී ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී තරුණයන් පස්දෙනා පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර වෛද්‍යවරයා සතු මුදල් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි සඳහන්.