වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ කත්රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැත්තෙකි.
පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පිය පුතු දෙදෙනා බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි වැලිපැන්න පොලිස් ස්ථානය සඳහන් කරන්නේ.