24.5 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංගප්පූරුවේදී මියගිය කාන්තාවගේ දේහය දිවයිනට

සිංගප්පූරුවේදී මියගිය කාන්තාවගේ දේහය දිවයිනට

සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඇගේ දේහය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ අංකොටුව – මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 41 හැවිරිදි විවාහක කාන්තාවක්.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මීට පෙර ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඇය මහල් නිවසෙන් ඇඳ වැටෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් විඩියෝ කර ඇති බවද වාර්තා වනවා.