ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමට, මෙටා (Meta) සමාගම තීරණය කර තිබෙනවා.
එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවයි.