― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅධිකරණයේ කටයුතු වලට බාධා කළ අයෙකුට වසර 3 ක සිරදඬුවම්

අධිකරණයේ කටයුතු වලට බාධා කළ අයෙකුට වසර 3 ක සිරදඬුවම්

විවෘත අධිකරණයේ කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ අයි.හෙට්ටිවත්ත මහත්මිය අද (22) නියම කළේය.

ගුණසිංහගේ ප්‍රදීප් වසන්ත සිල්වා නමැති 60 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ සිර දඬුවම් නියම විය.

සැකකරු විවෘත අධිකරණයේ දී කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කිරීම නිසා මහේස්ත්‍රාත්තුමියගේ නියෝග මත අධිකරණයේ කටයුතු භාර නිලධාරියා විසින් මෙම සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම චෝදනා පත්‍රය අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සැකකරු වරදකරු බවට අධිකරණය පිළිගැනීමෙන් අනතුරුව සැකකරුට බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙටිටිවත්ත මහත්මිය නියෝග කළේය.