ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති.
ජනාධිපතිවරයා මෙම සංචාරය නිමා කර මේ මස 27 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.