26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම දරුවාට අහස පොළොව නුහුළන අපරාධයක් කළ පියා අත්අඩංගුවට

තම දරුවාට අහස පොළොව නුහුළන අපරාධයක් කළ පියා අත්අඩංගුවට

තම තුන් හැවිරිදි දරුවා උස්සා පොළවේ ගැසූ බව කියන පියෙකු අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල ඉහළ තල්දූව වත්තේ පදිංචිකරුවකු වන මෙම සැකකරු විසින් දරුවා පොළොවේ ගැසීමෙන් පසු බිරිඳ ඉදිරිපිටට ගොස් වස පානය කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවා සහ සැකකරු යන දෙදෙනාවම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල්ගත කල සැකකරු මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

අනතුරට පත් දරුවාගේ හිස පැලී ඇති බවත් කන්වලින් ලේ පිටව තිබූ බැවින් අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වහාම වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට ඇතුලත් කර ඇති බවත් වාර්තා වෙයි.