29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට

මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පිළිබඳ පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (21) මෙම දැරිය තවත් පිරිසක් සමඟ දියනෑමට ගොස් ඇති අතර එහිදීයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකි.

මියගිය සිසුවිය මිතුරියන් සිව්දෙනෙක් හා එක් මිතුරියකගේ මිත්තණිය සමග පුච්චකුලම වැවේ දියනාමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.