― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුව ද , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි යෝජනා යට යෑම වැළැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ( 21) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි

එමෙන්ම මහජන නියෝජිතයන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රජයේ අරමුණ වසර තුනකින් සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බවයි