― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමට තටු නැතිව ඉගිලෙන්න කියනවා - ඇමති බන්දුල

මට තටු නැතිව ඉගිලෙන්න කියනවා – ඇමති බන්දුල

තමාට සමහර අය තටු නැතුව ඉගිල්ලෙන්න කියන බවත් කෙසේනමුත් තමා 2030දී සුර්යය විදුලියෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පස්සර පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදි පැවති පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වාර්ශික සභාපති සම්මේලනයට එක්වෙමිනි.

පොසීල ඉන්ධනවලින් තවදුරටත් වාහන දුවන්න බෑ, පරිසරයත් විනාශ වෙනවා’ හම්බන්තොට වරාය විකුණලා ලැබුනේ ඩොලර් බිලියන 1.4යි. පෝට් සිටියට චීනයෙන් ලැබුනේ ඩොලර් බිලියන1.4යි. නමුත් අපිට ඉන්ධන ගේන්න වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 05ක් වැයවෙනවා. මේ නිසාම 2030 වෙද්දී ලංකාවේ බස්රථ, දුම්රිය ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවය සුර්ය්‍ය විදුලියෙන් ධාවනය කරන්න කටයුතු කරනවා.

කිසිම ඇමතිවරයෙකුට උරුම නොවුන දෑවැද්දක් මට ලැබිලා තියෙනවා. මගේ අමාත්‍යාංශයට තෙල් කදුලක් නෑ. නමුත් මට හයියෙන් දුවන්න කියනවා. හරියට තටු නැතිව ඉලිල්ලෙන්න කියනවා වගේ කතාවක් තමයි මට කියන්නේ. මෙම සභාපති සම්මේලනය මට ඉදිරිපත් කළ යෝජනා 12න් මුදල් වැය නොවන සියලුම යෝජනා මාස තුනක් ඇතුළත අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. දැන් අපේ රටේ තිබෙන ජාතික ප්‍රශ්නය තමයි ලංකා ආණ්ඩුව විදේශ ණය ගෙවන ප්‍රශ්නය. ණය ගෙවුවේ නැතිනම් ආයේ සතයක්වත් ලැබෙන්නේ නෑ. කිසිම දේශපාලකයෙක් ළඟ උත්තරයක් නෑ. මේ ගැන කියන්නෙත් නෑ. 2030 වසර වෙද්දී විදුලි ත්‍රීවීලර් රථ නිෂ්පාදනය කර ආනයනය කරන්න කටයුතු කරනවා. දැනට විදුලි ත්‍රීවීලර් රථ ලියාපදිංචි කරන්න පුළුවන් අපි පරිසර හිතකාමි සුර්යය විදුලිය කේන්ද්‍ර කරගත් විදුලි බලයෙන් ධාවනය වන පොදු ප්‍රවාහන සේවයක් ඇති කරමු.