― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsPoliticalරනිල් මැති ඇමතිවරුන්ගේ දීමනා අඩු කළා - රංජිත් සියඹලාපිටිය

රනිල් මැති ඇමතිවරුන්ගේ දීමනා අඩු කළා – රංජිත් සියඹලාපිටිය

රජය මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සහයක නිරත වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

වර්තමාන මුදල් ඇමතිවරයාගේ කාලයේ දී තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද දැඩි ලෙස කප්පාදු වුණේ. අපි බැලුවොත් ඇමතිවරුන්ට ලැබෙන්නේ, මන්ත්‍රී දීමනාව. කාර්ය මණ්ඩලය ඇමතිවරුන්ගේ තුනෙන් එකකින් අඩුකරලා. වාහන බලපත්‍ර ඇත්තේම නෑ. අලුත් වාහන ගන්නම බෑ. ඔවුන්ගේ සියලු දීමනා ඉහළ බදු අනුපාතයකට අපි යටත් කරලා බදු අය කරගන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය මේ තරම් සීමිත ප්‍රමාණයක් අපේ රටේ තිබිලා තියෙන්නේ, ගොඩක් ඉස්සර. මේ දිනවල යෝජනා වෙලා ක්‍රියාත්මක වීගෙන යනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් තිබුණ විශාල ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න. මේ යුගය තමා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම විදියට කප්පාදු වුණේ මේ මුදල් ඇමතිගේ විශේෂ වැඩපිළිවෙල එක්ක. මොකද සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරාගත යුතුයි කියන සංකල්පය එක්ක.