― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලැබෙන පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

ලැබෙන පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි

ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. 

ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත.

මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය.

මේ අතර රැකියාව නිසා ඇති වූ අපහසුතා හමුවේ දැඩි ලෙස මානසික පීඩනයට ලක් වූ බව ඔහු තොරතුරු සටහන් පොතේ සටහන් කර තිබෙනවා.

මොහු කිසිවෙකුටත් නොදන්නවා රාජකාරී ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට විරුද්ධව විනය පියවර ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය.