― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිශ්ව විද්‍යාල 03ක ආරක්ෂාව තර කෙරේ

විශ්ව විද්‍යාල 03ක ආරක්ෂාව තර කෙරේ

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර ආරක්ෂාව තවදුරටත් කර කරන ලෙස එම විශ්වවිද්‍යාල උප කුලපතිවරු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ඩී කරුණාරත්න, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති කතිකාචාර්ය උපුල් සුභසිංහ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති ද සිල්වා යන මෙසේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එසේම විශ්ව විද්‍යාල තුළ සොරකම් සිදුවීම් ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් අමාත්‍යවරයා හට දැනුම් දී ඇත්තේ. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.