― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවෛද්‍යවරයාගේ බෙහෙත් කමතකින් මතුවෙයි

වෛද්‍යවරයාගේ බෙහෙත් කමතකින් මතුවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර මාතලේ හන්දිය ආසන්නයේ පිහිටා ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ (21) රාත්‍රීයේ එහි ඉදිරිපස දොර කඩා ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු ලක්ෂ තුනකට වැඩි වටිනාකමින් යුතු එම බෙහෙත් තොගය සොරකම් කර ඇති බවට අනුරාධපුර පොලීසියට වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් දමා තිබුණි.

සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් පරික්ෂණ සිදුකල පොලිසිය විසින් අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පූජනීය පෙදෙසේ අතහැර දමා තිබූ කමතක පිදුරු ගොඩක් තුළ මෙම බෙහෙත් තොගය සඟවා තිබියදී සොයා ගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කරල් 1520 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද අනුරාධපුර පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 26 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.