29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

ෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

පසුගියදා ඝාතනයට ලක්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

ඒ අනුව බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව්දෙනකු ඒ සඳහා යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වැනිදා ලිඛිතව ඉල්ලීමක් කළේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි හානිකර ගැනීමක්ද? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග නිකුත් කළේය.

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩගැනීමට නියමිතව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහ කළේ.