27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිනොපෙක් සමාගම ඉන්ධන සැපයීමේ ගිවිසුමට අත්සන් තබයි

සිනොපෙක් සමාගම ඉන්ධන සැපයීමේ ගිවිසුමට අත්සන් තබයි

චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) සමාගමට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදීමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මේ සම්බන්ධයෙන් එහි මව් සමාගම වන Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ සිංගප්පූරුව සමඟ සාකච්ඡා අවසන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව මෙම සාකච්ඡා පැවැත්විණි.

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔෆ් ඔස්ට්‍රේලියා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් ෂෙල් පීඑල්සී සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට නියමිත බව රජය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කිරීමෙන් පසුව ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා වසර 20ක වලංගු බලපත්‍රයක් ලබා දෙන අතර මෙම යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට CPC ඉන්ධන පිරවුම්හල් 150ක් ද ලබා දෙන බවයි එකල වාර්තා වුණේ.