අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු විසින් මෙහෙයවූ ජංගම ගණිකා ජාවාරමක් වටලා පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සහ සුරූපී කාන්තාවන් සිව්දෙනෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සිටින බවයි වාර්තා වුණේ. කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අරගල ක්‍රියාකාරිකයෙකු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව මෙම ජාවාරම හසුකර ගැනීමට හැකිව තිබෙනවා.
පොලිස් උපාය දූතයන් විසින් රුපියල් 55,000ක මුදලකට කාන්තාවන් ලබාගැනීමට ප්‍රධාන ජාවාරම්කරු සමඟ එකඟ වී ඇති අතර එහිදී කාන්තාවන් තෝරා ගැනීමට අඟුරුවාතොට රෙමුණ වැව අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව කාන්තාවන් රැගෙන මෝටර් දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ අරගල ක්‍රියාකාරීකයා ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා වයස අවුරුදු 22 හා 39 අතර වයස්වල පසුවන කුරුණෑගල, අම්පාර, බණ්ඩාරවෙල සහ බදුල්ල ප්‍රදේශවල පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අද (22) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.





