― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"හිත රිදුණා නම් සමාවෙන්න.. ඒත් මගේ මතයේ වෙනසක් නැහැ"

“හිත රිදුණා නම් සමාවෙන්න.. ඒත් මගේ මතයේ වෙනසක් නැහැ”

තමා සිදු කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වූයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේව මෙහෙයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වූයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළ ප්‍රකාශය අසත්‍ය නොවන බවයි.

තමා නැවත ලංකාවට පැමිණෙන බවත් තමාගේ නීතිඥයන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එහිදී දේවගැතිවරයා අවධාරණය කළේය.