― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදාදීම ඇරඹේ

ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදාදීම ඇරඹේ

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙත නොමිලේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් ධීවරයින් වෙත ලබාදීම අද (23) ආරම්භ වුණා.

මෙය පානදුර ධීවර වරායේදී ආරම්භ වුණේ චීන තානාපති සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන්.

චීන රජය විසින් භූමිතෙල් ලීටර් මිලියන හතරක් ලබාදී ඇති අතර එක් ධීවරයෙක්ට ලීටර් 150 බැගින් ලබාදීමට මෙහිදී කටයුතු කරනවා. ධීවර පවුල් 27000 කට එම භූමිතෙල් ලබාදීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක සඳහන් කළේ.

මේ අතර ධීවර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා බැටරි මගින් ක්‍රියා කරන ධීවර එන්ජින් බෝට්ටුවක් හඳුන්වාදීමද අද සිදු කෙරුණා.