27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොසොන් උත්සවයට රජයෙන් කිසිම අඩුපාඩුවක් නැහැ

පොසොන් උත්සවයට රජයෙන් කිසිම අඩුපාඩුවක් නැහැ

මිහින්තලාව ප්‍රමුඛ රාජ්‍ය පොසොන් පුණ්‍යෝත්සවය සඳහා මූල්‍ය ලෙස හෝ කිසිඳු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශ්වයෙන් සිදුනොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්ත්වයක් පැවතීම කණගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියන් පසුගිය දා සඳහන් කළා.

උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මඟහැර ඇති බවයි.