31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅහිතකර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඒකකයක්

අහිතකර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඒකකයක්

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර අන්දමෙන් සිදුවන අපහසාත්මක හා වෛරීසහගත ආගමික, ජාතික සමාජ සංස්කෘතිකමය වශයෙන් විවිධ ජන හැඟම් කුපිත කරවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ විගස එම පැමිණිලි විභාග කිරීමට ආරක්ෂක අංශවල වෙනමම අංශයක් ස්ථාපිත කර ඇති බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

මීට අතිරේකව අපරාධ, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර, ලිංගික හිංසනයන් යනාදිය පිළිබඳව මාධ්‍යයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේ කාරකසභා අංක 01දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිකුරාදා පස්වරු 01.30ට පැවැත්වෙන බව සඳහන් කළේය.

මෙම උපදේශක කාරක සභාවට මාධ්‍යවේදීන්ගේ අඳහස් ඉදිරිපත් කිරීම වැදගත් යැයිද අමාත්‍යවරයා පැවසුවේය.