29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋතුරේ ජනතාවගේ සියලු ගැටලු විසඳනවා

උතුරේ ජනතාවගේ සියලු ගැටලු විසඳනවා

උතුරු පළාතේ ජනතාවගේ ගැටලුවලට යථාර්ථවාදීව ප්‍රවේශ වී ඒවාට විසඳුම් සෙවීමට උත්සාහ කරන බව උතුරු පළාත් නව ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (22) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී නව තනතුරේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදීය.

මේ රටේ සියලුම ආගම්වලට එක හා සමානව සැලකීමේ වගකීම හා කාර්යය රදා පවතින්නේ රජය මත බවත් ඒ සදහා රජය බැඳී සිටින නිසා උතුරේ කිසිදු කොට්ඨාසයක් ආගමික හෝ ජාතිවාදී ප්‍රශ්න මුල් කරගෙන කටයුතු නොකළ යුතු බවයි ඇය එහිදී සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ දෙවෙනි වරටත් තමන්ව ආණ්ඩුකාර ධූරයට පත් කළ ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත් ඒ සදහා දෙමළ ඩයස් පෝරාවේ සහය ලබා ගැනීමත් බවයි.

මේ සියලු කටයුතු සඳහාත් උතුරේ සියලු සංවර්ධන කටයුතු සඳහාත් ජනාධිපතිවරයා උදව් උපකාර කරන බවට පොරොන්දු වූ බවත් ආණ්ඩුකාරවරිය එහිදී අවධාරණය කළාය.