29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තු ඉහළට

උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තු ඉහළට

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ජුනි මස පළමු වනදා සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම මිල ඉහළ දැමීම අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර, ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් දක්වා වැඩි වනු ඇති.

මීට පෙර එම ගාස්තු පැවතියේ වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙසටයි.

මේ අතර විදේශීය වැඩිහිටියන් සඳහා උද්භිද උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් සහ විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

එම ගාස්තුව මීට පෙර පැවතියේ විදේශීය වැඩිහිටියන් සඳහා රුපියල් 2,000ක් සහ ළමුන් සඳහා රුපියල් 1,000ක් ලෙසටයි.