28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනකගේ ඉල්ලීමක් අධිකරණයෙන් ඉවතට

ජනකගේ ඉල්ලීමක් අධිකරණයෙන් ඉවතට

පසුගිය උසස් පෙළ විභාගය පැවති සමයේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවේ තමන්ට එරෙහිව සිදුකර තිබෙන අගතිදායක නිර්දේශ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් ගොනු කළ මැදිහත්වීමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කළා.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.