― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsජාතික රෝහලේ බයිපාස් සැත්කම් ප්‍රමාදයක්!

ජාතික රෝහලේ බයිපාස් සැත්කම් ප්‍රමාදයක්!

කොළඹ ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මාසයක පමණ කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වී තිබේ.

නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද රෝග සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දහසක පමණ ප්‍රමාණයක් සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මත බයිපාස් සැත්කම් සඳහා දිනයක් ලැබෙන්නේ වසර දෙකක පමණ කාලයක් ගතවූ පසුව බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.

එමෙන්ම ජාතික රෝහලේ ඉතා සරලව නවීකරණය කළ හැකි ජීවානුහරණ යන්ත්‍රය කැඩී ඇති බවත් එය වසරක පමණ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවටත් තොරතුරු වාර්තා වෙයි.