― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපුටුව මත මියගිය මිත්තණියගේ මරණය සැකයක්

පුටුව මත මියගිය මිත්තණියගේ මරණය සැකයක්

හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හාන්සි පුටුවක් මත මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබුණේ හල්තොට, යාලගල ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැහැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්. අදාළ කාන්තාව හාන්සි පුටුවේ සිටිය දී හදිසියේ මිය ගොස් ඇති බවට වැඩිහිටි නිවාසයේ භාරකරු හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී මියගොස් සිටි කාන්තාවගේ දණහිසත් වළලුකරත් අතර අස්ථිය බිඳී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මෙම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බව සඳහන්.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.