― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෛද්‍යවරයකු සහ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ වෛද්‍යවරයකු සහ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින් රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරකම් පෑ වෛද්‍යවරයකු සහ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම රෝහලේ වෛද්‍යවරයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකි.

පෙරේදා අළුයම 4.40 ට පමණ  අපරික්ෂාකාරී ලෙස පැමිණි මෝටර් රථයක්  මත්තේගොඩ ඉන්දන පිරවුම්හල ආසන්නයේදී රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත මත්තෙගොඩ පොලීසියේ නිලධාරීන් නවතා පරික්ෂා කිරීමේදී එහි රියැදුරු ලෙස සිටි වෛද්‍යවරයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී රියදුරු ලෙස  කටයුතු කළ  වෛද්‍යවරයාට සිදු කළ වරද පහදා දී අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට පැවසීමෙන් අනතුරුව මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ සිටි කථිකාචාර්යවරයා  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්  එහෙම කොහොමද අත්අඩංගුවට ගන්නේ යැයි පවසමින් සාපරාධී බලහත්කාරය පා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව වෛද්‍යවරයා මත්පැන් පානය කර මෝටර් රථයක් පැදවීම සහ කථිකාචාර්යවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන 29 වන දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.