― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපොසොන් උත්සවයට සල්ලි හොයන්න හාමුදුරුවරු පිඬුසිඟා වැඩීමේ සූදානමක්

පොසොන් උත්සවයට සල්ලි හොයන්න හාමුදුරුවරු පිඬුසිඟා වැඩීමේ සූදානමක්

මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නය හෙට (24) දිනයේ සිට පිඬුසිඟා වැඩීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමකර වසර දෙදහස් තුන්සීය තිස් එකක් ගතවන මෙවර රාජ්‍ය පොසොන් පොහොය සැමරීම මෙරට වත්මන් නායකයින් විසින් හිතාමතාම පැහැර හැරීමට කටයුතු කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් මූල්‍ය කළමනාකරණය සිදුකරමින් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත් අනෙකුත් විහාරස්ථාන මෙන් මිහින්තලා විහාරස්ථානයට ද බැතිමතුන්ගේ දායකත්වය ලැබුණ ද එය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැයකරන බැවින් පොසොන් පොහොය සැමරීමට අවශ්‍ය මුදල් විහාරස්ථානය සතුව නොමැති බවත් නායක හිමියන් පවසනවා.

මිහින්තලා පුද බිමෙහිදී අද (23) දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ අතර මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදුනොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (23) සඳහන් කළා.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳියාව ව්‍යවස්ථාවේද ඇති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, සම්බුද්ධ ශාසනය සුරකිමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කටයුතු කරමින් සිටින බවද අවධාරණය කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.