24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාම වැටුප් ලබාදීම කඩිනම් කිරීමට පියවර

විශ්‍රාම වැටුප් ලබාදීම කඩිනම් කිරීමට පියවර

මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට අවධානය යොමුවී තිබේ.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ උපදෙස් ලබාදී ඇත.

විශ්‍රාම වැටුප ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳ පැමිණිලි නිතර ලැබෙන බවත් පැවසීය.

මෙම කරුණු සාකච්ඡා කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා තිබුණි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවය.

බොහෝ ගැටළු මතු වන්නේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.