25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ දේහය අනිද්දා ගොඩගනී

ෂාෆ්ටර්ගේ දේහය අනිද්දා ගොඩගනී

ඝාතනයට ලක් වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අනිද්දා (25) ගොඩගැනීමට නියමිතය.

අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර ඇත්තේ එම අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (22) මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

දේහය ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිතය.