― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහපුතලේදී සිදු වූ රිය අනතුරකින් 8ක් රෝහලේ

හපුතලේදී සිදු වූ රිය අනතුරකින් 8ක් රෝහලේ

අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙලෙස රිය අනතුර සිදුව ඇත්තේ හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී ය. කොස්ලන්ද ප්‍රදේශයේ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි වෑන් රථයක සිටි පිරිසක් මෙසේ නාවික හමුදා බස් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

තුවාල කරුවන් දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට කඩිනමින් මාරුකර යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.

වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ වැලිමඩ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

දියතලාව දක්වා පැමිණෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක ගැටී සිදු වූ මෙම අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බවද පොලිසිය කියයි. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.