31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 02කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා

දින 02කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා

දින 02ක් ඉක්මවා උණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පවසයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ උණ රෝග ලක්ෂණ සහිත රෝග කිහිපයක් මේ වනවිට පැතිර යමින් ඇති බැවින් දින 02කට පසුවද උණ රෝගියෙකු කල් බලමින් සිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරේ හෙලීමට වුවද හැකියාව පවතින බවයි.

එසේම විවිධ හේතු ඉදිරිපත් කරමින් තමන් හෝ තම පවුලේ සාමාජිකයින්ගේ අදහස අනුව වෛද්‍යවරයෙකු හමුවීම හා රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම ඇතැම් රෝගීන් විසින් අතපසු කරමින් සිටින බවද පෙන්වා දෙන වෛද්‍යවරයා ජනතාව ලෙස මේ පිලිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.