32.2 C
Colombo
Wednesday, February 28, 2024

බැංකුවෙන් සොරා ගත් මුදල්වලින් ගෙදර බිල් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියා

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ.සිල්වා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙක්.

අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමණාකරු විසින් රුපියල් ලක්ෂ අනූවක මුදලක් පසුගිය 21 වන දින ATM යන්ත්‍රයට දමා ඇත්තේ අදාළ බැංකු ආරක්ෂක නිලධාරියා සමගින්.

පසුදින බැංකු සහකාර කළමණාකරු විසින් එම ATM යන්ත්‍රයේ ඇති ඉතිරි මුදල් පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසේ නෝට්ටු තිස් දෙකක් වන රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් අඩු බවට බැංකුව දැනුවත් කර තිබෙනවා.

පසුව ATM යන්ත්‍රයට මුදල් බැර කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පරික්ෂා කිරීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ යන්ත්‍රවලට මුදල් දමන අවස්ථාවේ දී පුටුවක් මත තබා තිබූ මුදල්වලින් කොටසක් එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් සොරාගෙන ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා ආකාරයයි.

සැකකරු සොරකම් කළ මුදලින් කොටසක් ඔහු තම නිවසේ විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා වැය කර ඇති අතර ඉතිරි මුදල් ඔහුගේ බැංකු ගිණුම් දෙකකට බැරකර තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම...

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ...

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක්...

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලීසිය පැවසුවේ මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි...

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු...

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදී වයඹ, බස්නාහිර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here