30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමධ්‍යම තැපෑලට ගුවනින් ආ කෝටි 03ක කුෂ්

මධ්‍යම තැපෑලට ගුවනින් ආ කෝටි 03ක කුෂ්

ගුවන් තැපෑල ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් (34,750,000) වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ මෙම මත්ද්‍රව්‍ය එහි සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසිනුයි සොයා ගෙන ඇත්තේ.

ගුවන් තැපෑල ඔස්සේ පාර්සල් 10ක් බොරැලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල පිහිටි නිවාසවල ලිපිනයන් වෙත යොමු කර තිබුණා.

එහෙත් මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙනුයි රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට දී මේවා විවෘත කර පරීක්ෂා කර ඇත්තේ.

එහිදී එම පාර්සල් තුළ ‘කුෂ්’ නැමැති ගංජා කිලෝ 03යි ග්‍රෑම් 475ක් තිබී සොයා ගෙන තිබෙනවා. මේ වනවිට මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇතැයි සඳහන්.