31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමීළඟ ගෝලීය වසංගතය ගැන අනතුරු ඇඟවීමක්

මීළඟ ගෝලීය වසංගතය ගැන අනතුරු ඇඟවීමක්

මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එය කොවිඩ් – 19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවයි එහි ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් සඳහන් කළේ.

76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ බව පැවසීය.

කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින බවත් එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.