26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුගිරිය සහ මීගොඩ බස් වර්ජනයක්

අතුරුගිරිය සහ මීගොඩ බස් වර්ජනයක්

මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සහ ධාවන අංක 190 මීගොඩ – පිටකොටුව බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ බස් රථ රියැදුරෙකුට පොලීසිය විසින් කළ පහරදීමක් හා අත්අඩංගුවට විරෝධය පළ කරමිනි.

කෙසේනමුත් පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් රියැදුරාට පහරදුන් බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.