― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical"ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ ජනතාවට විරුද්ධවයි"

“ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ ජනතාවට විරුද්ධවයි”

ආණ්ඩුව සියලුම තීන්දු ගන්නේ රටේ සාමාන්‍ය ජනතාවට විරුද්ධව ජන ජීවිත තවදුරටත් පීඩාවට පත් කරන ආකාරයෙන් බව ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරිය කියා සිටියේ මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ජනතාව කෙරෙහි වෛරයකින් ද කියා තමන්ට සැකයක් පවතින බවයි.