30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරියානු සිහිනය බොඳ වූ 48 දෙනාට සුබ ආරංචියක්

කොරියානු සිහිනය බොඳ වූ 48 දෙනාට සුබ ආරංචියක්

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් සඳහා යාමට නොහැකි වූ 48 දෙනාට යළි එරට වෙත පැමිණීම සඳහා දිනයක් ලබා දී තිබේ.

ඒ අනුව එම පිරිසට ලබන ජුනි මස 4 වනදා උදෑසන 05.00 වනවිට දකුණු කොරියාවට පැමිණෙන ලෙස එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසන්නේ.

ඊයේ (23) රාත්‍රියේ ඔවුන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානය පැය 10 ක පමණ කාලයක් ප්‍රමාද වූ අතර එම යානය අද (24) පෙරවරුවේ පිටත් වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත් දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ අදාළ පිරිස භාරගත නොහැකි බවයි.