28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් ගමන් ප්‍රමාදයෙන් 48කගේ කොරියානු සිහිනය බොඳවෙයි

ගුවන් ගමන් ප්‍රමාදයෙන් 48කගේ කොරියානු සිහිනය බොඳවෙයි

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි ශ්‍රමිකයින් 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී තිබේ.

මේ හේතුවෙන් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනෙකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) දිනයේදී ප්‍රතික්ෂේප කර ඇත.

නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කොරියාවේ සේවය සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් 48දෙනා තෝරා ගෙන තිබිණි. ඔවුහු මෙරට සිට ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටියහ.