26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නෞකාවෙන් මළ සිරුරු 14ක් සොයාගැනේ

චීන නෞකාවෙන් මළ සිරුරු 14ක් සොයාගැනේ

පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී පෙරළීමට ලක් වූ LU PENG YUAN YU 028 නැමැති චීන ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැඳිරියෙන් සහ නවාතැන් මැඳිරි ප්‍රදේශයෙන් මළසිරුරු 14 ක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් මෙම මළ සිරුරු සොයාගෙන ඇත.

එමෙන්ම ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලය නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැඳිරි තුළ නරක්වූ මළසිරුරු 12 ක් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හදුනා ගෙන ඇතත් එම මළසිරුරුවල නරක්වූ ස්වභාවය සහ එම සිරුරු ගොඩ ගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන එම මළසිරුරු ඇති ස්ථාන සිතියම්ගත කළ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම එම තොරතුරු සහ සිතියම මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබේ.