27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනක ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය අදයි

ජනක ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය අදයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මෙම විවාදය අද ගන්නා අවස්ථාවේ එය ගැලරියේ සිට නැරඹීමට අවස්ථාව දෙන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කළ විට ගැලරිය වසා ඇති බව එතුමා දැනුම් දුන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

තමා මේ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බවත් පසුව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාට කතා කළ විට එතුමා සම්ප්‍රදාය පිළිබඳව තමාව දැනුවත් කරමින් එවැනි විවාදයක් තිබෙන විට අදාළ තැනැත්තා කැඳවීම නොකරන බවත් විවාදයේදී ප්‍රකාශ වන ඇතැම් වදන් නිසා එය නැරඹීමට එන තමාගේ පවුලේ දරුවන්ද අපහසුතාවට පත්විය හැකි බව කරුණිකව පෙන්වා දුන්නේය. ඒ අනුව එය නැරඹීමේ අදහස අතහැර දැමූ බවද ජනක රත්නායක පැවසීය.