27.2 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද ජපානයට

ජනපති අද ජපානයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) ජපානය වෙත ළඟාවීමට නියමිතය.

ජනාධිපතිවරයා ඊයේ (23) සිංගප්පූරුව වෙත පිටත්ව ගිය අතර එහිදී එරට නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව අද (24) නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය වෙත පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා අද සිට 27 වැනිදා දක්වා ජපානය තුළ රැඳී සිටීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන අය සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතය.