31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල ඇඳුම් බෙදාදීම ජුනි 12ට පෙර

නිල ඇඳුම් බෙදාදීම ජුනි 12ට පෙර

මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 වැනිදාට පෙර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට කටයුතු කළ බවයි.

දේශීය සැපයුම්කරුවන් සැපයු නිල ඇඳුම් රෙදි මීටර තිස් අට ලක්ෂ තිස් එක් දහසක ප්‍රමාණයෙන් මේ වනවිට තිස් පන් ලක්ෂ හැට එක් දහසක් බෙදා දී ඇති බව සඳහන් වේ.

ඉන් ඉතිරි ප්‍රමාණය වන මීටර් විසි හත් දහසක ප්‍රමාණය අවසන් අදියර යටතේ ගාල්ල, කළුතර, හලාවත යන ප්‍රදේශවල මේ වනවිට බෙදා දෙමින් පවති.