26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම ගැන පරීක්ෂණ CIDයට

පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම ගැන පරීක්ෂණ CIDයට

ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) අධිකරණයට දැනුම් දී තිබේ.

නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා බාරදීමට කටයුතු කළේය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

පසුව එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුදින මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.