― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබීමතින් දිවියෙක් බේරා ගන්න ගිය තරුණයාට දිවියාගෙන් ප්‍රහාරයක් 

බීමතින් දිවියෙක් බේරා ගන්න ගිය තරුණයාට දිවියාගෙන් ප්‍රහාරයක් 

ගැඹුරු වළකට වැටි සිටි හඳුන් දිවියෙකු බේරා ගැනිමට උත්සහ කල තරුණයෙකුට එම හඳුන් දිවියා කළ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ කපා තිබූ ගැඹුරු වළකට වැටී සිටියදීයි මෙම හඳුන් දිවියා බේරා ගැනීමට අද (24) එම තරුණයා උත්සහ කර ඇත්තේ.

අනතුරුව එම තරුණයාට හඳුන් දිවියා පහරදී තුවාල සිදු කර ඇති බව දිඹුල පතන පොලිසිය ප්‍රකාශ කළා.

ගොදුරු සොයා පැමිණි හඳුන් දිවියෙකු ගැඹුරු වළකට වැටී සිටින ආකාරය දුටු ප්‍රදේශවාසින් ඒ සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට දැනුම් දී තිබුණා.

එලෙස දැනුම් දීමක් සිදු කර තිබියදී අධික ලෙස බීමත්ව සිටි තරුණයෙකු එම හඳුන් දිවියා බේරා ගැනීමට උත්සහ කිරීමේදී එම සත්වයා ඔහුට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබු තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හඳුන් දිවියා ගොඩට ඒමට උත්සහ කර ඇතත් වළේ ගැඹුර වැඩිවීම හමුවේ ගොඩට ඒමට නොහැකි වී ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

පසුව එම හඳුන් දිවියා බේරා ගැනිමට නුවරඑලිය වනජීවී කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.