― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalමත්පැන් මිල පහළ දැමීමේ තීරණයක් නැහැ

මත්පැන් මිල පහළ දැමීමේ තීරණයක් නැහැ

රජය විසින් මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

“2023දී මේ මිල වැඩිකිරීමත් එක්ක සුරා භාවිතය අඩුවුණා ලංකාවේ. මේ අවුරුද්දේ මේ මාස කිහිපය තුළ සියයට 30ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා. මේක අඩුවීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩුවීම යොමුවෙන්නේ නිත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ. මේ රටේ රෝගීන් බිහිකරන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. නමුත් අපිට මිල අඩුකරන්න බෑ. මම දැක්කා පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියා සුරා මිල අඩුකරන්න රජය සූදානම් කියලා. නෑ අපිට අඩුකරන්න බෑ. අපි බැඳිලා ඉන්නවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතුයි කියන නියමයක් තියෙනවා. නැත්නම් මේ අනිත් භාණ්ඩ ඉහළ මිලක තියෙද්දී සුරාව අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ.”