31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවතු කම්කරුවෙක් කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට

වතු කම්කරුවෙක් කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට

බගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවෙකු කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වතු යායේ සැරිසරන කඳුකර කොටියාගේ පහරදීමෙන් තුවාල සිදු වූ කම්කරුවා බගවන්තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (24) උදෑසන 10.30ට පමණ තේ වත්තේ රැඳී සිටි කඳුකර කොටියෙකු මෙම වතු කම්කරුවා සපා කා පළා ගොස් තිබෙනවා. මෙම කොටියා රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළා.

වතු කම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයින් ඔවුන් සමග තේ වත්තට පැමිණෙන අතර එලෙස පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සඳහා තේ වත්තට පැමිණෙන කඳුකර කොටින් එම ගොදුර දඩයම් කිරිමට බාධා කරන ඕනැම අයෙකුට පහර දී තම ගොදුර රැගෙන යන බවයි වනජිවී නිලධාරීන් කියාසිටියේ.