25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිසුන්ට අවවාද කළ විනය බාර ගුරුවරයාට තඩි බාලා

සිසුන්ට අවවාද කළ විනය බාර ගුරුවරයාට තඩි බාලා

පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ විනය බාර ගුරුවරයාගේ නිවසට කඩා වැඩී සිසුන් පිරිසක් පහර දී ඇති බව පොලීසිය පවසයි.

නිසි විනයකට පාසලට පැමිණෙන ලෙස ලබා දුන් අවවාදයට කෝප වීම හේතුවෙනුයි මෙම අපොස සා පෙළ සිසුන් පිරිස විනය බාර ගුරුවරයාට පහර දී ඇත්තේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම මුස්ලිම් මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරයා වන එච්.එම්.අස්කී නමැති ගුරුවරයෙකි.

මෙම පහර දීම සිදුකර ඇත්තේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.