25 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙල්වරාසා ගජේන්ද්‍රන්ට ඇප

සෙල්වරාසා ගජේන්ද්‍රන්ට ඇප

ඊයේ (23) අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජෙන්ද්‍රන් ඇතුළු 05 දෙනා ඇප මත නිදහස් කර තිබේ.

යාපනය, කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක් හේතුවෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

එම ස්ථානයේ විරෝධතා නොපවත්වන ලෙස කන්කසන්තුරේ පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් නොතකා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධතාවයක් පවත්වන අතරතුර පොලීසිය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් විරෝධතාවය අතහැර අසල වූ පෞද්ගලික ඉඩමකට පලා ගොස් ඇතත් පොලිස් නිලධාරීන් ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.