― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsහබරාදූවේ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් එළියට

හබරාදූවේ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් එළියට

හබරාදූව හීනටිගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අද (24) උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා. ඔවුන් හීනටිගල ප්‍රදේශයේම පදිංචිකරුවන්. මෙම යුවළ ත්‍රී රෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

තුවාල ලැබූ ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදීයි පිරිමි පුද්ගලයා මරණයට පත්වුණේ. වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් පිස්තෝල අවියක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇති බවට ද හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා 2013 වසරේදී හබරාදූව හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු 2021 වසරේදී උණවටුන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත් වී මේ වන විට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අද සිදු වූ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී ඇති අතර මෙම පුද්ගලයා ඉහත මනුෂ්‍ය ඝාතනවල සැකකරුවෙකු වීම සහ මෙම වෙඩි තැබීම අතර සම්බන්ධතාවක් පවතී ද යන්න හෙළි කර ගැනීමට මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හබරාදූව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.